Home / හොලිවුඩ් ගොසිප් / පාට ගොඩක් තවරලා?

පාට ගොඩක් තවරලා?

2015-11-04 03:53:00       1027
feature-top
ජනප්‍රිය ගායිකාවන් තිදෙනෙකුගේ සිරුරේ පැහැය වෙනස් කරගෙන ය කියා චෝදනාත්මකව පවසන්නේ තවත් ගායිකාවක්. චෝදනා කරන ගායිකාව, මිකා පැරිස්. චෝදනාව ලබන ගායිකාවන් තිදෙනා තමයි, බියොන්සේ, රිහානා සහ ජෙනිෆර් ලොපෙස්.

මම ඒ අයගෙ පින්තූර වගයක් මෑතදී දැක්කා. කලින් තිබුණු පාට නෙමෙයි, මේ තුන්දෙනාගෙන්ම පෙනුණෙ. මම කලින් දැක්කාට වඩා තුන්දෙනාම පාට වැටිලා. බියොන්සෙ දැන් ගොඩක්ම සුදු වෙලා. ඒ වෙනස හොඳින්ම පේනවා. මේ අය කොහේ හරි ගියාම වටපිට රොක් වේවී ඉන්න කැමරා ශිල්පීන් ඡායාරූප ගනිද්දී පත්තුවෙන විදුලි එළිවලින් තවත් සුදු වෙලා පේනවා.

එලෙස චෝදනා කරන මිකා, 2012 දී එවැනිම ප්‍රකාශයක්, රිහානාට එරෙහිව සිදුකළා. ඒ, ඇගේ තඹ පැහැති කොණ්ඩය පිළිබඳවයි.

මිකාගේ චෝදනාවලට බියොන්සේ, රිහානා සහ ජෙනිෆර් කෙලෙස ප්‍රතිචාර දක්වයි ද?

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »