Home / හොලිවුඩ් ගොසිප් / සොෆියා ගෙන් අවවාදයක්

සොෆියා ගෙන් අවවාදයක්

2015-11-03 04:41:00       1027
feature-top
වසර ගණනාවකට පෙර ජනප්‍රිය හොලිවුඩ් තරුවක් වූ සොෆියා ලොරේන් මේ වන විට තම ජීවිතයේ සන්ධ්‍යා භාගයට එළඹ සිටිනවා. පසුගිය දා කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය, වත්මන් යොවුන් නිළි පරපුරට වටිනා අවවාදයක් ලබා දුන්නා.

අපේ තරුණ නිළියන් තමන්ගෙ මුහුණ, සිරුර හැඩ වැඩ කරගන්න නොයෙක් දේවල් කරනවා. හැබැයි ඒවා කරන්න ඕනෙ ගොඩක් පරෙස්සමින්. සමහරක් වෙලාවට ඔය වගේ දේවල් වලින් සිරුරට අහිතකර දෙයක් වෙන්න පුළුවනි. තමන්ගෙ ස්වාභාවික පෙනුම වෙනස් වෙලා අවලස්සනක් මතුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා වඩාත්ම සුදුසු දේ තමයි, පිළිගත්ත වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව තමන්ගෙ රූපය ලස්සන කර ගැනීම.

මෙලෙස අදහස් දැක්වූ සොෆියා ලොරේන් පැවසුවේ වත්මනෙහි ප්‍රචලිතව තිබෙන සමාජ වෙබ් අඩවි ගැන නම් තමන්ට කිසිඳු අවබෝධයක් නැති බවයි.

අපේ කාලෙ මුල් තැන ලැබුණෙ හැකියාවටයි. ඒ නිසා තමයි අදත් සමහරු මාව දැක්කාම මගේ පින්තූර ගන්න කැමැති. දැනට 81 වැනි වියෙහි පසුවන සොෆියා ලොරේන් පැවසුවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »