Home / හොලිවුඩ් ගොසිප් / එල්විස් ප්‍රෙස්ලිගේ ගී එකතුවක්

එල්විස් ප්‍රෙස්ලිගේ ගී එකතුවක්

2015-10-30 01:05:00       1027
feature-top
ප්‍රිසිලා ප්‍රෙස්ලි තම දෙනෙත් පියා ගෙන හැඟුම්බර මුහුණින් යුතුව සවන් යොමා සිටියේ බ්‍රිට්න්ස් රෝයල් ෆිල්හාමොනික් වාද්‍ය වෘන්දයට අනුව ගැයුණු පැරැණි මියුරු ගී පෙළකටයි. මේ ගී මීට වසර ගණනකට පෙරාතුව ගායනා කළේ ප්‍රිසිලාගේ ආදරණීය සැමියායි. ඔහු, පොප් ගී ලොව කිරුළ දැරූ එල්විස් ප්‍රෙස්ලියි.

ප්‍රිසිලා මේ ගී අසා සිටියේ ලන්ඩන්හි ඇබේ රෝඩ් චිත්‍රාගාරයේදීයි. එල්විස් එදා ගැයූ මේ ගී පටිගත කෙරුණේ ද මේ චිත්‍රාගාරයේදීමයි.

මේවා අහගෙන ඉන්දැද්දි මගේ හිතට දැනුණ හැඟීම විස්තර කරන්න බැහැ. මේ ගීත හැම එකක්ම එදා එල්විස් ගායනා කළේ මේ චිත්‍රාගාරයේදීමයි. මම ඒවා පටිගත කරන හැටි බලාගෙන හිටියා. එදා එල්විස් ගීත ගායනා කරන කොට එයාගෙ මූණ හැඟුම්බර වුණ හැටි මට තාමත් මතකයි. ප්‍රිසිලා ප්‍රෙස්ලි එලෙස කියා සිටියා.

එල්විස් ප්‍රෙස්ලි ගායනා කළ මේ ගී අලුත් ඇල්බමයකින් යළි එළි දකින්නේ ඔක්තෝබර් 30 දායි. ඇල්බමය නම් කර ඇත්තේ ඉෆ් අයි කැන් ඩ්‍රීම් යනුවෙන් ප්‍රිසිලා ප්‍රෙස්ලි පැවසුවේ එල්විස් නිතරම කැමැත්තක් දැක්වූයේ ගීත පටිගත කිරීම නිතරම චිත්‍රාගාර තුළදීම සිදු කරන්නට බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »