Home / හොලිවුඩ් ගොසිප් / හොලිවුඩයේත් ලිංගික අල්ලස්?

හොලිවුඩයේත් ලිංගික අල්ලස්?

2015-10-29 02:37:00       1047
feature-top
හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි පරපුර මේ වන විට ඇතැම් නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ නොමනා යෝජනාවන් නිසා දැඩි පීඩාවට පත්ව සිටින බවයි ආරංචි. හොලිවුඩ් නිළි පරපුරට සිදුවන මේ අකටයුතුකම්වලට එරෙහිව හඬ නැඟීමට දැන් කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. මේ ගැන අදහස් දැක්වූ ජනප්‍රිය හොලිවුඩ් නිළි ඈෂ්ලේ ජඩ් පැවසුවේ ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ ලිංගික අල්ලස් ගැනීම් කාලයක පටන් සිදු වූ බවයි.

මේ වන විට 47 වැනි වියෙහි පසුවන ඈෂ්ලේ පැවසුවේ මෙවැන්නක්... හොලිවුඩයේ ප්‍රකටව සිටි එක්තරා කෙනෙක් 1990 වසරේදී එයාගෙ චිත්‍රපටයක රඟපාන්න කලින් මට එක්තරා හෝටලටයකට එන්නැයි කිව්වා. මම ඒකට කැමැති වුණේ නැහැ.

ඈෂ්ලේ විතරක් නොවෙයි. හොලිවුඩයේ ප්‍රවීණ සහ ජනප්‍රිය නිළියන් වන මෙරිල් ස්ට්‍රීප්, ගිනෙත් පැල්ට්‍රෝ, එමා වොට්සන් වැනි අය ද සිනමාවේ බලවතුන්ගෙන් තමන්ට එල්ල වන අයුතු බලපෑම්වලට එරෙහිව හඬ නංවන්නට මේ වන විට එක්වෙමින් සිටිනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »