Home / හොලිවුඩ් ගොසිප් / මිසිස් ඩැනියල් ක්‍රේග්

මිසිස් ඩැනියල් ක්‍රේග්

2015-10-26 01:39:00       1027
feature-top
අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය, ස්පෙක්ට්‍ර දැන් ලොව පුරා තිරගත වෙනවා. මේ චිත්‍රපටය විනාඩි 148 ක ධාවන කාලයකින් සමන්විතයි.

මේ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරන්නේ ඩැනියල් ක්‍රේග්. ඔහුගේ බිරිය තමයි රැචල් වීස්. ඇය ද ජනප්‍රිය නිළියක්. මේ දිනවල ඇගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ (වින්ඩ්ස්ක්‍රීනයේ) කාගේත් නෙත් සිත් ඇදගන්නා ස්ටිකරයක් අලවා තිබෙනවා. එහි සටහන් වන්නේ කෙනකුගේ නමක්. එය තමයි, මිසිස් ඩැනියල් ක්‍රේග්... බොහෝ දෙනා පවසන්නේ මෙවැනි ස්ටිකරයක් අලවා තිබෙන්නේ ස්පෙක්ට්‍ර චිත්‍රපටයේ ප්‍රචාරක උපක්‍රමයක් වශයෙන් බවයි.

ඩැනියල්, රැචල් සමඟ යුග දිවි ගමන් ඇරැඹුවේ 2011 දීයි. ඊට කලින් ඔහු 1992 - 1994 අතර කාලයේ දී විවාහ කරගෙන සිටියේ ෆියෝනා ලූඩන්වයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »