Home / හොලිවුඩ් ගොසිප් / අන්තිම කැමැත්ත ලියූ

අන්තිම කැමැත්ත ලියූ

2015-10-23 01:54:00       1045
feature-top
ප්‍රවීණ සිනමාකරු රිචඩ් ඇටන්බරෝ මෙලොවින් සමුගත්තේ 2014 අගෝස්තු මාසයේදී. ඒ වන විට ඔහු 90 වැනි වියෙහි පසුවුණා.

මියගිය පසුව තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ යුත්තේ කොහේදැයි ඔහු අන්තිම කැමැති පත්‍රයෙහි සටහන් කර තිබෙනවා. ඒ අනුව මේ ප්‍රවීණ කලාකරුවා ඉල්ලා ඇත්තේ තමන්ගේ භෂ්මාවශේෂ 2004 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මියගිය තම දියණිය සහ මිනිබිරියගේ සොහොන් ගැබ තුළ තැන්පත් කරන ලෙසයි.

2004 දෙසැම්බරයේදී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රිචඩ් ඇටන්බරෝගේ දියණිය ජේන් සහ මිනිබිරිය ලුසී මියගියේ ඔවුන් පදිංචිව සිටි තායිලන්තයේදීයි. 2005 දී පැවැති සුනාමියට ගොදුරු වූවන් සිහිපත් කළ ශෝකී අවස්ථාවේදී රිචඩ් ඇටන්බරෝ පැවසුවේ තම ජීවිතයේ අවාසනාවන්තම දිනය දෙසැම්බර් 26 දා බවයි.

ඔහුගේ දියණියගේ සහ මිනිබිරියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන් ගැබ පිහිටා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රදේශයේ පිහිටි ශාන්ත මේරි මග්දලේනා දේවස්ථානයේයි. මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය වෙමින් පවතින නිසා රිචඩ් ඇටන්බරෝගේ භෂ්මාවශේෂ මෙතෙක් තැන්පත් කර නැහැ. ඔහුගේ බිරිය ශීලා, මේ වන විට 69 වැනි වියෙහි පසුවනවා. රිචඩ් ඇටන්බරෝ සතුව තිබූ මිලියන ගණනක් වටිනා ඉඩකඩම් ඇතුළු දේපළ රැසක්ම හිමි වී ඇත්තේ ඇයටයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »