Home / හොලිවුඩ් ගොසිප් / කේට් බ්ලැන්චට් ඉන්දියාවට එයි

කේට් බ්ලැන්චට් ඉන්දියාවට එයි

2015-10-15 01:29:00       1046
feature-top
සම්මානනීය හොලිවුඩ් නිළි කේට් බ්ලැන්චට් ලබන නොවැම්බර් 20 දා ඉන්දියාවට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. ඇය එරටට පැමිණෙන්නේ ලෝක කාන්තා සමුළුවට සහභාගිවීම සඳහායි.

කේට් බ්ලැන්චට්ගේ පැමිණීම ප්‍රකාශ කර තිබුණේ සම්මානනීය ඉන්දීය නිළි ශබානා ආස්මියි. ඇය, මේ සමුළුවේ සත්කාරකවරියක ලෙස කටයුතු කිරීමට පත් කර සිටිනවා. ලොව පුරා ජීවත්වන කාන්තා පරපුර බලගැන්වීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම මේ සමුළුවේ අරමුණයි.

කේට්, කාන්තාවන්ගේ සමානාත්මතාව සහ ඔවුන්ගේ යහපත වෙනුවෙන් අනලස්ව ක්‍රියා කරන සුපිරි නිළියක හැටියට ප්‍රචලිතයි.

කේට් රඟපෑ අලුත්ම චිත්‍රපටය, කැරොල්. මෙය ඔස්කා සම්මාන උලෙළේ ඇගයුමට ලක්වනු ඇතැයි පැවසෙනවා. මේ සුපිරි තරුව, ඔස්කා සම්මාන 2 ක්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන 3 ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 3 ක් සහ බ්‍රිටිෂ් ඇකඩමි සම්මාන 3 ක් දිනා ගන්නට සමත්ව සිටිනවා.

ඇය, මේ කාන්තා සමුළුවේදී දේශනයක් පැවැත්වීමටත් නියමිතයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »