Home / හොලිවුඩ් ගොසිප් / ටොමි-පැමලා ළංවෙන්න ද වෙන්වූයේ...

ටොමි-පැමලා ළංවෙන්න ද වෙන්වූයේ...

2015-10-13 10:47:00       1027
feature-top
නිතරම ඇයව හඳුන්වන්නේ බේ වොච් නිළිය හැටියටයි. ඇය බේ වොච් ටෙලි වෘත්තාන්තයේ රඟපෑමෙන් වඩාත් ජනප්‍රිය වුණ නිසයි එවැනි විශේෂත්වයකින් යුතුව ඇගේ නම ප්‍රචලිතව ඇත්තේ. ඇය තමයි, පැමලා ඇන්ඩර්සන්.

පැමලා ඇන්ඩර්සන් විවාහ වුණේ සංගීතඥයකු වන ‍ටොමි ලී සමඟ. ඒ, 1995 දී. දෙදෙනා එක වහළක් යට විවාහ දිවිය ගත කළේ වසර 3 ක තරම් කෙටි කාලයක්. 1998 දී ටොමී - පැමලා වෙන්වුණා. දෙදෙනා වෙන්වී වසර 17 කට පසුව මෑතකදී පැවැති උත්සව අවස්ථාවකදී යළි හමුවුණා. එය අතීත සුන්දර මතකයන් යළි එක්තැන් කළ මොහොතක් බවට පත්වුණා. පැමලා සහ ටොමි එකිනෙකා වැලඳගෙන සිනාසෙමින් විනාඩි කිහිපයක් සිටියා. අවට සිටි ඡායාරූප ශිල්පීන්ට එය අනගි අවස්ථාවක් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් හැකි තරම් තරම් ඡායාරූප ගත්තා.

ටොමි සහ පැමලා එලෙස හමුවුණේ, සත්ත්ව අහිංසා සංවිධානයක් වන PETA හි 35 වැනි සංවත්සර උත්සවයේදී. පැමලා සහ ‍ටොමි, මේ සංවිධානයේ කටයුතුවලට උදව් උපකාර කරන්නේ දීර්ඝ කාලයක පටන්.

‍ටොමි හමුවීමෙන් පසුව පැමලා ප්‍රකාශ කළේ ඔහු ඇගේ ජීවිතයට ආදරය ලබාදුන් තැනැත්තා බවයි.

ටොමි - පැමලා දෙපළට බ්‍රැන්ඩන් (වයස 19) සහ ඩිලාන් (17) යනුවෙන් පුතුන් දෙදෙනෙකු සිටිනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »