Home / හොලිවුඩ් ගොසිප් / සෙලිනා සුදුවතින්

සෙලිනා සුදුවතින්

2015-10-09 01:25:00       1046
feature-top
ජනප්‍රිය යොවුන් ගායිකා සෙලිනා ගෝමස් පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර සංචාරය කළා. ඇය පැරිස් නුවරට ගියේ තවත් වැදගත් කාර්යයන් දෙකකට සහභාගි වෙන්න හිතාගෙනයි.

එකක් තමයි, ඇගේ නවතම ගීත ඇල්බමයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පටිගත කිරීමකට සහභාගි වීම. අනෙක් කටයුත්ත, විලාසිතා දැක්මකට සහභාගි වීම. සෙලිනාගේ අලුත්ම ගීත ඇල්බමය නම් කර ඇත්තේ රිවයිවල් යනුවෙන්. ඇය මේ ගීත එකතුවේ ප්‍රචාරක පටයකට ගී ගයන්නට පැරිසියේ චිත්‍රාගාරයකට ගියා.

එම කාර්යයෙන් පසුව ඇය පිටත්ව ගියේ පැරිසියේ සුපිරි විලාසිතා දැක්මකට එකතු වෙන්නටයි. එහිදී ඇය විසින් නිරූපණය කරන ලද එක්තරා ඇඳුමක් කාගේත් සිත් පැහැර ගත්තා. එය, සුදෝ සුදු ඇඳුමක්. සිරුර හොඳින් ආවරණය වන පරිදි නිර්මාණය කර තිබූ ඒ ඇඳුම නිසා සෙලිනාගේ සුන්දරත්වය හොඳින් මතු වී තිබුණු බවයි, එය නැරඹු බොහෝ දෙනකු ප්‍රකාශ කළේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »