Home / හොලිවුඩ් ගොසිප් / නෙතු නොසලා බලා සිටියා

නෙතු නොසලා බලා සිටියා

2015-10-06 11:25:00       1046
feature-top
රිබෙල් හාට් සුපිරි සංගීත ප්‍රසංගයක් පසුගිය දා නිව්යෝක් නුවර මැඩිසන් චතුරස්‍ර උද්‍යානයේදී පැවැත්වුණා. ඒ ප්‍රසංගයේ නමටම ගැළපෙන කැරළිකාරී චරිතයක්ම තමයි එහි ගී ගැයුවේ. සම්ප්‍රදායයන් බිඳ දමමින්. බටහිර සංගීත ලොව සසළ කළ ගායිකා, මැඩෝනා එම සංගීත ප්‍රසංගය තම ගී හඬින් සහ අපූර්වතම රංගනයෙන් රසික පිරිස මෝහනයට පත්කළා.

ඇගේ එම ගැයුම්, රැඟුම් බලා සිටි විශේෂ තැනැත්තෙකු ද ප්‍රේක්ෂකාගාරයේ මුල් පෙළේ අසුන් ගෙන සිටියා. ඔහු තමයි, සීන් පෙ‍න්. ඔහු, මැඩෝනාගේ සැමියායි. 1986 දී මැඩෝනා ඔහු සමඟ විවාහ වුණා. ඒත්, මේ විවාහ දිවිය පැවතුණේ වසරක පමණ කාලයක්. 1987 දී දෙදෙනා වෙන් වුණා.

රිබෙල් හාට් ප්‍රසංගයේදී මැඩෝනා තමන්ගේ ජනප්‍රිය වූ ටෲ බ්ලූ නම් වූ ගීතය ගායනා කළා. මේ ගීතය එදා ඇය විසින් හඳුන්වා දෙනු ලැබුවේ මේ මිහිමත වෙසෙන සන්සුන්ම මිනිසා, මගේ සැමියා වෙනුවෙන් ගැයූ ගීතය යනුවෙන්. එදා ඇය ගැයූ ඒ හෘදයාංගම ගීතය මෙදා රිබෙල් හාට් ප්‍රසංගයේදී මැඩෝනා ගායනා කළා. ඇය ඒ ගීතය ගායනා කරද්දී ඇගෙන් වෙන්වූ සැමියා, සීන් පෙන් එදෙස ඇසිපිය නොහෙළා බලා සිටි බවයි පැවසෙන්නේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »