Home / හොලිවුඩ් ගොසිප් / ලියනාඩෝට ගෞරව සම්මානයක්

ලියනාඩෝට ගෞරව සම්මානයක්

2015-10-05 04:00:00       1027
feature-top
ලියනාඩෝ ඩිකැප්රියෝ යනු කවුරුන්දැයි රසික රසිකාවියන්ට අලුතෙන් මතක් කර දිය යුතු චරිතයක් නොවෙයි. මේ සුපිරි රංගන ශිල්පියාට ළඟදීම ගෞරව සම්මානයක් පිරිනැමීමට නියමිතයි. සම්මානය පිරිනමන්නේ ලියනාඩෝ සිනමා කලාවට සහ සමාජ සේවයට දක්වන ලද මාහැඟි දායකත්වය වෙනුවෙන්. ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සංවිධානයෙන් මේ සම්මානය ලියනාඩෝ වෙත පිරිනැමෙන්නේ නොවැම්බර් 5 දා එම සංවිධානයේ 30 වැනි සංවත්සරය පැවැත්වෙන දා බෙවර්ලි හිල්ස් හිදියි.

මේ වන විට 40 වැනි වියෙහි පසුවන ලියනාඩෝ සිනමා රංගනයට අමතරව ඔහුගේ නමින් පිහිටුවා ඇති පදනමේ අනුග්‍රහයෙන් ඩොලර් මිලියන 30 කට වැඩි මුදලක් පාරිසරික ගැටලු විසඳීමට සහ පරිසරය සුරැකීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මේ දක්ෂ රංගන ශිල්පියා ඔස්කා සම්මාන 5 ක් සඳහා නිර්දේශ වී තිබුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »