Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රෙට් ලී විවාහක ඉන්දියානු කතක් සමග පැටලෙයි

බ්‍රෙට් ලී විවාහක ඉන්දියානු කතක් සමග පැටලෙයි

2015-10-02 10:59:00       1045
feature-top
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී විවාහක ඉන්දියානු කතක් සමග පැටලී තිබෙනවා. ඇයට දියණියක් ද සිටිනවා. බ්‍රෙට් ලී එම කාන්තාව විවාහ කර ගැනීමට ද වැඩි කැමත්තකින් ද පසුවනවා.

එලෙස කියූ සැණින් ඔබ සිතනවා ඇති මෙය සත්‍යය සිදුවීමක් කියා. මෙය සිදුවන්නේ "Unindian" හින්දි චිත්‍රපටය තුළයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බ්‍රෙට් ලී සහ ටනිෂ්ටා චැටජී විසින් රඟපානු ලබනවා. අනූපම් ශර්මාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය ඉතාමත් විනෝදකාමී මෙන්ම ආදරණීය චිත්‍රපටයක් ලෙසයි බොහෝ දෙනා මේ වන විටත් හදුන්වනු ලබන්නේ.

"Unindian" චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මස 15 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි. එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....

More News »