Home / හොලිවුඩ් ගොසිප් / වන් ඩිරෙක්ෂන් යළිත්?

වන් ඩිරෙක්ෂන් යළිත්?

2015-10-01 10:20:00       1027
feature-top
යොවුන් රසික පරපුර අමන්දානන්දයට පත් කළ වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම ලබන වසරේ පටන් ගී නොගයන බව දැනට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ යොවුන් ගී කණ්ඩායමේ ජනප්‍රිය ගායක සෙයින් මලික් ගේ වෙන්වීමත් සමඟම මේ බව ප්‍රකාශ වූ බව ඔබට මතක ඇති.

තවමත් වන් ඩිරෙක්ෂන් ලෙසින් පෙනී සිටින මේ ගායකයන් තම කණ්ඩායමේ අවසන් ගීත රාත්‍රිය පවත්වන්නට දැන් ලක ලැහැස්ති වෙනවා.

මේ අතර වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ ගායන ශිල්පියකු වන ලියම් පායිනේ පැවසුවේ ලබන වසර වන විට කණ්ඩායම විසිරී ගියත් තවත් ටික කාලයකින් යළි එකතු වීමට බලාපොරොත්තු වන බවයි.

හුඟ දෙනෙක් අපිට කිව්වෙ වෙන් වෙලා ගියත් තනි තනිවම ගීත ගායනා කරන්න ය කියලයි. ඒත් මං හිතන්නෙ අපි එකතු වෙලා ගීත නිර්මාණය කරන්න ඕනෙ කියලයි. ලියම් පසුගිය දා පැවසුවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »