Home / හොලිවුඩ් ගොසිප් / දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සමඟ ශකීරා

දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සමඟ ශකීරා

2015-09-30 10:50:00       1045
feature-top
යුනිසෙෆ් සංවිධානයේ ළමා අයිතීන් පිළිබඳ තානාපතිනිය වන සුපිරි පොප් ගායිකා ශකීරා දරුවන් වෙනුවෙන් අලුත්ම කටයුත්තකට පසුගියදා මුල පිරුවා. මානසික ආතතිය, විශාදය වැනි රෝග හේතු කරගෙන සියදිවි නසා ගන්නා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික මට්ටම නඟාසිටුවීමට ඇය මෙම පියවර ගෙන තිබුණා.

මිලියන 100ක් දරුවන්ට නිසි පෝෂණයක් නොලැබීම සහ දරාගැනීමට නොහැකි තරමේ පාසල් කටයුතු, අතිරේක අධ්‍යාපන අවස්ථා සොයායෑම වැනි හේතු මත දැඩි ලෙස ආතතියට ලක්වන බව ඇය පෙන්වා දෙනවා. ඇය පෙන්වා දෙන්නේ එලෙස ආතතියට පත්වන දරුවන් අනාගතය පවා අඳුරු කරගන්නා බවයි.
එබැවින් මුල් ළමාවිය මානසික මට්ටම වර්ධනය කරවීම තුළින් ප්‍රශ්න සහ ගැටලු ඉදිරියේ දරුවා ශක්තිමත් කරවීම යුනිසෙෆ් තනාපතිනියගේ අරමුණ වනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකී මූන්, විධායක අධ්‍යක්ෂ ඇන්තනී ලේක් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ ළමා සංවර්ධන අධ්‍යයන අංශයේ අංශාධිපති වෛද්‍ය ජැක්පී සොන්කොට් ද මෙහි සමාරම්භක උත්සවයට සහභාගි වී සිටියා.
ලොව පුරා සෑම දරුවන් 10,000ක්ම දිනපතා විවිධ අඩන්තේට්ටම්වලට ලක්වන බව මෙහිදී යුනිසෙෆ් තානාපතිනිය අදහස් දක්වමින් පෙන්වා දුන්නා. එය ඍජුව හෝ වක්‍රව ළමා මනසට බලපාන බවත් ඇය එහිදී පැවැසුවා.


වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇය පෙන්වා දුන්නේ අධ්‍යාපන අවශ්‍යතා මතම කැපවී සිටින දරුවන් මෙන් නොව සෙල්ලම් කිරීම, පොත් කියවීම වැනි විනෝදාංශවල නිරත වන දරුවා, මානසිකව සමබර බවයි. එබැවින් මුල් ළමාවිය සංවර්ධන කටයුත්තේදී එකී විනෝදාංශද ප්‍රයෝජයනට ගතහැකි බවත් තානාපතිනිය පෙන්වා දෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 6 සිට 17 දක්වා මුදලක් වියදම් කර තිබෙන අතර ව්‍යාපෘතියෙන් බිලියන 11 _ 34ක් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »