Home / හොලිවුඩ් ගොසිප් / තිස් හයේ හර්මයිනීට විසිපහයි

තිස් හයේ හර්මයිනීට විසිපහයි

2015-09-28 11:32:00       1047
feature-top
යෞවන පරපුර අතර බෙහෙවින් ජනප්‍රියව තිබෙන, ජේ. කේ. රෝලින්ස් ලියූ හැරී පොටර් කතා මාලාවේ එන හර්මයිනි වීස්ලිට පසුගිය සැප්තැම්බර් 19 දා 36 වැනි විය සපිරුණා. මේ චරිතය මුලින්ම හඳුන්වා දී තිබුණේ හර්මයිනි ග්‍රේන්ජර් යනුවෙන්.

හර්මයිනිගේ චරිතය හැරී පොටර් චිත්‍රපට මාලාවේ අපූරුවට නිරූපණය කළේ ජනප්‍රිය යොවුන් නිළි එමා වොට්සන්. ඇගේ වයස නම් තවම අවුරුදු 25 යි. කොහොම වෙතත් හර්මයිනිට නම් ට්විටර් වෙබ් පිටු මඟින් උපන් දින සුබ පැතුම් රැසක්ම එවා තිබුණා.

හර්මයිනිගේ චරිතය ජීවමාන කළ එමා වොට්සන් මේ දිනවල අලුත්ම චිත්‍රපටයක රඟපානවා. ඇය රඟන්නේ, ද සර්කල් නම්වූ චිත්‍රපටයේයි. ජේම්ස් පොන්සෝල්ඩ් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ඩේවි එගර්ස් එනමින් ලියූ නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරෙනවා. එමා, මගේ ප්‍රියතම නිළියක්. එයාට පුදුමාකාර රංගන හැකියාවක් සහ බුද්ධියක් තියෙනවා. අධ්‍යක්ෂ ජේම්ස් පොන්සෝල්ඩ් එලෙස එමාව අගය කළා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »