Home / හොලිවුඩ් ගොසිප් / අවසන් මොහොත ඇගේ දෑත මත

ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්ගේ සැමියා රෙනි ඇන්ජෙලිල් ජනප්‍රිය කැනේඩියානු ගායකයෙක්. මේ වන විට 73 වැනි වියෙහි පසුවන ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටිනව&

අවසන් මොහොත ඇගේ දෑත මත

ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්ගේ සැමියා රෙනි ඇන්ජෙලිල් ජනප්‍රිය කැනේඩියානු ගායකයෙක්. මේ වන විට 73 වැනි වියෙහි පසුවන ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටිනව&

2015-09-23 02:50:00       1045
feature-top
ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්ගේ සැමියා රෙනි ඇන්ජෙලිල් ජනප්‍රිය කැනේඩියානු ගායකයෙක්. මේ වන විට 73 වැනි වියෙහි පසුවන ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටිනවා. සෙලින්ගේ කළමනාකරු වශයෙන් ද කටයුතු කර ඇති රෙනී ඇන්ජෙලිල් ගේ උගුරේ පිළිකාවක් මතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

වෛද්‍ය නිගමන අනුව ඔහුට ජීවත්ව සිටීමට වරම් ඇත්තේ ඉතාම සුළු කාලයක්.

රෙනී දවසක් දා මට කිව්වා, එයා මැරෙන්න ඕනෙ මගෙ අත් දෙක උඩයි කියලා. මම ඒ අවසන් මොහොතට මුහුණ දෙන්න ලෑස්තියි. ඉතින් මම එයාට කිව්වා, මගේ අත් දෙක උඩ දී අවසන් හුස්ම හෙළන්න ය කියලා. මම රෙනීට කිව්වා, මම ලෑස්තියි, ඔයාගෙ දරුවන්ව හොඳින් රැකබලා ගන්න කියලා. ඔයා කොහේහරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්න ය කියලත් කිව්වා. සෙලීන් දුක්බරව පැවසුවා.

සෙලින් සහ රෙනී මුණ ගැසුණේ 1980 දී. ඒ වන විට ඇය 12 වියැති දැරියක්. රෙනී 38 වැනි වියෙහි පසුවුණා. ඔවුන් දෙදෙනා විවාහ වුණේ 1994 දී. පුතුන් තිදෙනකු සෙලින් - රෙනී යුවළට සිටිනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »