Home / හොලිවුඩ් ගොසිප් / ස්ටන්ට් නිළියකට ඇබැද්දියක්

ස්ටන්ට් නිළියකට ඇබැද්දියක්

2015-09-22 10:43:00       1027
feature-top
ස්ටන්ට් නිළියක ලෙස දස්කම් දක්වන ඔලිවියා ජැක්සන් පසුගිය දා හදිසි අනතුරකට මුහුණ දුන්නා. ඒ, රෙසිඩන්ට් එවිල් : ෆයිනල් චැප්ටර් නම් වූ චිත්‍රපටයේ රූගත කිරීමකදීයි.

මේ අනතුර හේතුවෙන් ඇය සිහිසුන් වී සිටින බවත් පෙනහලුවල ආබාධයකින් පෙළෙන බවත් ඇයට ප්‍රතිකාර කරන රෝහලෙහි ප්‍රකාශකයකු පැවසුවා. චිත්‍රපට දර්ශනයේ ඇයට නියමිතව තිබුණේ මෝටර් බයිසිකලයක් වේගයෙන් පදවාගෙන යෑමටයි. ඒ මොහොතේ ඇය කිසිදු ආරක්ෂිත උපක්‍රම අනුගමනය කර තිබුණේ නැහැ. හෙල්මටයක් හෝ පැලඳ සිටියේ නැහැ. සුළු අත්වැරදීමකින් ඇය පැදවූ බයිසිකලය යම් කිසිවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

ඔලිවියාට සිදුවූ මේ අනතුර ගැන අදහස් දැක්වූ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු දැඩි කම්පනයට පත්ව සිටියා. ඔවුන් හැම කෙනකුම පැවසුවේ ඔලිවියා තරම් කාරුණික, ප්‍රියමනාප ශිල්පිනියක් තවත් නැති බවයි.

ඔලිවියාගේ සැමියා වන ඩේවිඩ් ආර්. ග්‍රාන්ට් ද ප්‍රවීණ ස්ටන්ට් නළුවෙක්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »