Home / හොලිවුඩ් ගොසිප් / කාගෙන්වත් ඉල්ලගෙන නැතිලු

කාගෙන්වත් ඉල්ලගෙන නැතිලු

2015-09-20 10:32:00       1045
feature-top
ප්‍රවීණ නිළි මෙරිල් ස්ට්‍රීප් සමාජ සේවයටත් දැඩි ඇල්මක් දක්වනවා. ඇගේ අවධානය මේ දිනවල වැඩි වශයෙන්ම යොමු වී ඇත්තේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව ඇති කිරීම පිළිබඳවයි. විශේෂයෙන්ම කාන්තාවන්ට සමාජයෙන් හිමි විය යුතු ගෞරවය හා සම තැන ඇගේ අවධානයට ලක්වී තිබෙනවා.

මෑතක දී ඇය මේ පිළිබඳව ඇමෙරිකානු කොංග්‍රස් සභාවේ නියෝජිතයන් දැනුවත් කිරිමට විශේෂ ලිපියක් යවා තිබෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් ලියා ඇති මේ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි මෙරිල් ස්ට්‍රීප් කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළේ.

කොංග්‍රසයේ හැම කෙනකුටම මම විශේෂ පොතකුත් යැව්වා. ඒ පොතේ නම, Equal Means Equal'. සම්මානනීය හොලිවුඩ් නිළිය වැඩි දුරටත් එලෙස ප්‍රකාශ කළා.

මට මතකයි, මම පුංචි කාලෙ මගේ අම්මා වාණිජ චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරද්දී, එක දවසක් තාත්තගෙන් සල්ලි ඉල්ලපු හැටි. එදා මම හිතා ගත්තා, මම නම් කාගෙන්වත් සල්ලි ඉල්ලන්නෙ නැහැ කියලා

මෙරිල් ස්ට්‍රීප් මේ බව කීවේ ඇය රඟපෑ අලුත්ම චිත්‍රපටය, Suffragette චිත්‍රපටය තිරගත වූ මුල්ම දවසේදීයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »