Home / හොලිවුඩ් ගොසිප් / චිත්‍රපටයේ ගුවන් අනතුරක්

චිත්‍රපටයේ ගුවන් අනතුරක්

2015-09-19 12:12:00       1027
feature-top
සුපිරි නළු ටොම් කෲස් රඟන අලුත්ම චිත්‍රපටය මෙනා'. මේ චිත්‍රපටයේ දර්ශන රැසක් පසුගිය දිනවල රූගත කෙරුණා. ඒ සමඟම සිදුවුණේ කනගාටුදායක සිදුවීමක්. මේ චිත්‍රපටයේ නළු නිළියන් සහ අනෙකුත් ශිල්පීන් ප්‍රවාහනය කළ කුඩා ගුවන් යානයක් පසුගිය දා කොලොම්බියාවේ මෙඩෙලින් කඳුකරයේ දී අනතුරට පත්වුණා.

අනතුර සිදුවූ අවස්ථාවේදී චිත්‍රපටයේ නළු නිළියන් හෝ අධ්‍යක්ෂවරයා ගුවන් යානයේ සිටියේ නැහැ. අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් යානයේ හිමිකරු වූ, ගුවන් නියමු ඇලන් පර්වින් සහ කොලොම්බියානු ජාතිකයකු වූ කාලෝස් බර්ල්. ගුවන් යානයේ සිටි තවත් ගුවන් නියමුවකු වූ ජිමී ලී ගැලන්ඩ් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙනා චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරැඹුණේ පසුගිය මැයි මාසයේ ජෝජියාවේදීයි. සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටයේ ටොම් කෲස් රඟන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ගුවන් නියමුවකුගේ චරිතයක්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »