Home / හොලිවුඩ් ගොසිප් / "The Jungle Book" ලබන වසරේ රිදී තිරයට

"The Jungle Book" ලබන වසරේ රිදී තිරයට

2015-09-18 11:50:00       1047
feature-top
ඩිස්නී (Disney) නිර්මාණකරුවන් චිත්‍රලට යනු ලොකු කුඩා සෑම කෙනෙකුගේම හදවතට ලංවූ අපුරු චිත්‍රපට පෙළක් යැයි කිවහොත් එය නිවැරදීයි. එමෙන්ම ඩිස්නි නිර්මාණකරුවන්ගේ චිත්‍රපට නරඹන විට එය සිහින සැබෑ වන ලෝකයක් තුළ ජීවත් වන හැගීමක් ගෙන දෙන ඔබට දැනෙනවා ඇති. එය විචාරකයින් විසින් ද ඇමෙරිකානු පුවත් පතකට පවසා තිබෙනවා.

ඩිස්නි නිර්මාණකරුවන්ගේ චිත්‍රපට අතුරින් ද ජන්ගල් බුක් "The Jungle Book" නාට්‍ය  ඔබට මතක ඇති එය ඔවුන් විසින් නැවත වරක් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. කාටූන් චිත්‍රපටයක් ලෙස මෙන්ම නාට්‍යයක් ලෙස ආ "ද ජන්ගල් බුක්" චිත්‍රපටය REAL 3D ලෙස ඔවුන් විසින් නිර්මාණය කර තිබෙනවා.

කුඩා දරුවෙකු සහ විශාල සත්වයින් පිරිසක් වටා ගෙතෙන මෙම කතාව කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා නැවුම් අත්දැකීමක් වනු ඇති බවටයි එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජෝන් ෆේව්රව් පවසන්නේ. මෙහි කුඩා පිරිමි දරුවාගේ චරිතයට පන පොවනු ලබන්නේ නීල් සෙතී විසින්.

"The Jungle Book" චිත්‍රපටය ලබන වසරේ රිදී තිරයට පැමිණීමට නියමිතයි.

එහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....

Hiru news


More News »