Home / හොලිවුඩ් ගොසිප් / හැමෝම ඇගේ දියණියන්

හැමෝම ඇගේ දියණියන්

2015-09-16 09:58:00       1045
feature-top
දැන් ‍ලොව පුරා තිරගත වන නෝ එස්කේප් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන ලේක් බෙල්, සැබැ ජීවිතයේ බිරිඳක සහ මවක ලෙස තම යුතුකම් ඉටු කරමින් සිටිනවා. ලේක් ගේ සැමියා ස්කොට් කැම්ප්බෙල්. දියණිය, නෝවා. මේ සිඟිත්තිය ලේක් බිහි කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.

ලේක් පවසන්නේ ඇතැම් චිත්‍රපටවල යොවුන් නිළියන් තම දියණියන් ලෙස රඟපාද්දී තමන්ට දැන් සැබෑ මවකගේ හැඟීම් මතුවන බවයි.

අපි මේ නව යොවුන් නිළි පරපුර එක්ක රඟපෑමක් කෙරුවත් ඒ අයගේ ලස්සන, අහිංසක මුහුණු දකින විට මගේ හිතට ආදරයක් දැනෙනවා. මම දැන් අම්මා කෙනෙක්. එදාට වඩා වගකීම් හිතට ගත්ත කෙනෙක්. ලේක් බෙල් සිනාසෙමින් පැවසුවා.

ඇය තවදුරටත් පැවසුවේ නෝවා දියණියත්, සැමියාත් තමන්ගේ ජීවිතය වෙනස් කළ බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »