Home / හොලිවුඩ් ගොසිප් / මරිජුවානා ඇල්ලුවේ සුවඳින්

මරිජුවානා ඇල්ලුවේ සුවඳින්

2015-06-26 09:21:00       674
feature-top
රැප් ගායක රික් රොස් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, ඔහුගේ මෝටර් රථය තුළ තිබී මරිජුවානා මත්ද්‍රව්‍ය ‍තොගයක් හසුවීම නිසයි. ජෝජියා ප්‍රදේශයේ දී හසුවූ මේ මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය හෝ වටිනාකම කොතෙක්දැයි අනාවරණය වී නැහැ.

පොලිස් නිලධාරියකු පැවසුවේ අත්අඩංගුවට පත්වූ රැප් ගායකයා ජෝජියා ප්‍රදේශයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. රික් රොස් ගමන් කළ මෝටර් රථයේ වීදුරු ටින්ටඩ් කර තිබූ බවත් කිසියම් සැකයක් මත එය පරීක්ෂා කරද්දී ඒ තුළ රික් සමඟ තවත් පුද්ගලයෙකු සිටි බවයි පොලිස් නිලධාරීන් පැවසුවේ.

ඔවුන් මෙම මෝටර් රථය තුළ තිබූ පාර්සලයක මත්ද්‍රව්‍ය අඩංගුව තිබෙන බව සැක කර ඇත්තේ, එමඟින් නිකුත් වූ කිසියම් ගන්ධයක් ආඝ්‍රාණය වීම නිසයි.

මේ වන විට 39 වැනි වියෙහි පසුවන රික් රොස් මීට වසරකට පමණ පෙර ද උතුරු කැලිෆෝනියාවේදී මරිජුවානා ළඟ තබාගෙන සිටිද්දී පොලිසියට හසුවී තිබෙනවා. කෙසේ වෙතත්, පසුගියදා අත්අඩංගුවට පත්වී උසාවියට ඉදිරිපත් කෙරුණු රික් රොස් ඇප පිට නිදහස් වූ බවයි පසුව ආරංචි වූයේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »