Home / හොලිවුඩ් ගොසිප් / බමන මතින් 'නිරූපණයක්'

බමන මතින් 'නිරූපණයක්'

2015-06-24 09:46:00       672
feature-top
පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළ තුළ පුංචි පහේ කලබලයක් ඇතිවුණා. ගුවන් ගමනකට එක්වූ සුරූපී කාන්තාවක් ගුවන් යානයෙන් ඉවත් කරලා. හේතුව වුණේ ඇය මත්පැන් පානය කර සිටීමයි. බමන මතින් සිටි ඇය අසභ්‍ය වචන කියමින් ගුවන් යානය තුළ කලබල කරලා. ඇය ගුවන් නියමුවාටත් අසභ්‍ය වචනයකින් බැණ වැදුණැයි ද පැවසුණා.

මේ නොමනා හැසිරීම කළේ සුපිරි මෝස්තර නිරූපිකාවක්. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය තමයි, කේට් මොස්. ගුවන් යානයෙහි සිටි මගියෙකු පැවසුවේ ඇය තම අත්බෑගයෙහි තිබූ වොඩ්කා බෝතලයකින් උගුරු කිහිපයක් පානය කරනු තමන් දුටු බවයි. ඇය ගුවන් යානයෙහි තවත් මගියෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවකට පැටලුණ බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, කේට් ගේ මේ රංගනය මගීන්ගේ හාස්‍යයට සහ විනෝදයට හේතුවක් වූ බවයි ඇතැම් මගීන් ප්‍රකාශ කළේ. පසුව ඇය ව නැවතත් ගුවන් ගමනට එක්කරගෙන තිබෙනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »