"/>
Home / හොලිවුඩ් ගොසිප් / 'කොපි කැට්' කොණ්ඩයක්

'කොපි කැට්' කොණ්ඩයක්

2015-06-22 09:55:00       672
feature-top
අවුරුදු 56 ක කෙනෙකු අවුරුදු 26කින් තරුණ වෙන්න කළ උත්සාහයක් හොලිවුඩ්පුරයෙන් අහන්න ලැබුණා. මේ අයුරින් තමන්ගෙ ජීවිතය "රිවයින්ඩ්" කර ගන්න ආසාවක් දක්වන්නෙ වෙනින් කවුරුත් නොවෙයි. ජනප්‍රිය සුපිරි ගායිකා මැඩෝනා.

ඇය පසුගිය දවසක අලුත් කොණ්ඩා මෝස්තරයක් දාගෙන සිටින අයුරු කාටත් දැක ගන්න පුළුවන් වුණා. මැඩෝනා මේ අලුත් මෝස්තරයෙන් සැරසී සිටින ඡායාරූපයක් අන්තර් ජාලයේ තිබෙනු දුටු බොහෝ දෙනා පැවසුවේ ඇයට යොවුන් පෙනුමක් ආරූඪ වී ඇති බවයි. තවත් සමහරු කීවේ වයස අවුරුදු 6 ක කෙල්ලකට නම් ඒ මෝස්තරය කදිමට ගැලපෙනවා කියලයි.

මැඩෝනා මේ කොණ්ඩා මෝස්තරය අනුකරණය කළ එකක් බව දැන් හෙළිවී තිබෙනවා. ඇය ජනප්‍රිය ගායිකා සහ නිරූපිකා ලේඩි ගාගා ගේ කොණ්ඩ මෝස්තරය 'කොපි' කර ඇති බවයි කාට කාටත් තේරුම් ගොස් ඇත්තේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »