Home / හොලිවුඩ් ගොසිප් / ජෙනිෆර් ලෝපේස් ආයෙමත් ආදරෙන්

ජෙනිෆර් ලෝපේස් ආයෙමත් ආදරෙන්

2015-06-19 10:25:00       678
feature-top
පොප් ගායිකා ජෙනිෆර් ලොපේස් ගී ගයද්දී සිනාමුසු මුහුණින් සිටියද ඇගේ පෞද්ගලික ජීවිතය හැලහැප්පීම් රැසකට හසුවූ බව රහසක් නොවෙයි. කිහිපවතාවක් ම විවාහ වූ ඇය 2014 දී අන්තිම විවාහ ජීවිතයටත් තිත තැබුවා.

ඉන්පසුව ඇය කැස්පර් ස්මාර්ට් නම් වූ ජනප්‍රිය නර්තන ශිල්පියා සමඟ ප්‍රේමයකට මුල පිරුවා. ටික කාලයක් ගත වෙද්දී දෙදෙනා අතර විරසකයක් මතුවූ බවයි හොලිවුඩයෙන් දැන ගන්නට ලැබුණේ. ඒත් පසුගිය සතියේ ලැබුණු උණුසුම් පුවතක සටහන් වුණේ ජෙනිෆර් සහ කැස්පර් නැවතත් එක්වී ඇති බවයි. දෙදෙනා අත්වැල් පටලාගෙන නිදහසේ ඇවිද ගෙන යන ඡායාරූපයක් ද අන්තර්ජාලයට එක්වී තිබුණා. ඇය මේ දිනවල ෂේඩ්ස් ඔෆ්බ්ලූ නම්වූ අලුත් ම ටෙලි නාට්‍යයේ රඟපෑම් කටයුතුවල යෙදී සිටිනවා.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »