Home / හොලිවුඩ් ගොසිප් / ඩිජිටල් චරිතවලට ජේසන් විරුද්ධයි

ඩිජිටල් චරිතවලට ජේසන් විරුද්ධයි

2015-06-18 10:45:00       697
feature-top
පරිගණකය යොදාගෙන චිත්‍රපටවල ඇතැම් දර්ශන නිර්මාණය කිරීම දැන් බහුලව සිදු කෙරෙනවා. හොලිවුඩ්පුරයේ ජනප්‍රිය චිත්‍රපටවල අවදානම් සහගත දර්ශන වලට යොදා ගන්නා ස්ටන්ට් (ආදේශක) නළුවන් සඳහා පවා පරිගණක රූ යොදා ගැනීම එවන් අවස්ථාවක්.

ප්‍රවීණ නළු ජේසන් ස්ටැතම් මේ අලුත්ම සොයා ගැනීමට දැඩි ලෙස විරෝධය දක්වන අයෙක්. මේ වන විට 47 වැනි වියෙහි පසුවන ඔහු පවසන්නේ චිත්‍රපටවල සටන් ජවනිකා වලට සහ අවදානම් සහගත දර්ශනවලට පරිගණක රූ පමණක් නොව සැබෑ ස්ටන්ට් නළුවන් පවා යොදා ගත යුතු නැති බවයි.

පරිගණක වලින් එන ඩිජිටල් චරිත වලට විතරක් නෙමෙයි, ස්ටන්ට් නළුවන් යොදා ගන්නවටත් මම විරුද්ධයි. අවදානම්, සටන් දර්ශන වලදි ඒ නළුවන්ම තමයි රඟපාන්න ඕනෙ. නැත්නම් වැඩක් නැහැ. තාක්ෂණික උපක්‍රම යොදල යම් යම් දර්ශන නිර්මාණය කිරීම නිශ්ඵල වැඩක්. ජේසන් තරයේම කියා සිටිනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »