Home / හොලිවුඩ් ගොසිප් / තනි නොතනියට පුතුන් තිදෙනෙක්

තනි නොතනියට පුතුන් තිදෙනෙක්

2015-06-17 11:05:00       674
feature-top
ඇය ගේ වයස දැන් අවුරුදු 57 ක්. ඇය, 90 දශකයේදී පෙරළිකාර නිළියක් වූවා. තවමත් එදා තිබූ සුන්දරත්වය ඇය වෙතින් ඉවත් වී නැහැ. ඇය ශෙරන් ස්ටෝන්.

පසුගියදා ඇය ප්‍රකාශ කළේ එදා පිරිමින් තමන්ට වශීවී සිටියත් අද නම් තමන් වෙතට නොඑ බවයි. අද හුඟක් දෙනා මාත් එක්ක යාළු මිත්‍රකම් පවත්වන්න එන්නෙ නැහැ. මට හිතෙන්නෙ ඒ අය මට බයයි කියලයි. හැබැයි ඔය හැමෝම අදත් මාව හඳුන්වන්නේ අනුරාගයේ සංකේතය (sex symbol) කියලයි. ඒත් මම ඔය කියන සංකේතයට ගැළපෙන්නෙ සිනමාවෙදි විතරයි. හැබෑ ලෝකයේදි මම එහෙම කෙනෙක් නෙමෙයි. ශෙරන් ස්ටෝන් එහෙම කියනවා.

ශෙරන් මුලින්ම විවාහ වුණේ මයිකල් ග්‍රීන්බර්ග් එක්කයි. ඒ 1987 දීයි. ටික කාලයකින් ඔහුගෙන් වෙන්වුණු ඇය ඊළඟට විවාහ ජීවිතයක් ඇරඹුවේ ෆිල් බ්‍රොන්ස්ටීන් එක්ක 2004 දීයි. අද ඇය වෙසෙන්නේ ඔහුගෙනුත් වෙන්වෙලා. ඒත් ඇගේ තනිය මකන්නට පුතුන් තිදෙනෙකු සිටිනවා. මේ පුතුන් ඇය හදා වඩාගත් දරුවන් වීම විශේෂත්වයක්. වැඩිමල් දරුවා 15 වියැති රෝන්. දෙවැන්නා 10 හැවිරිදි ලෙයාඩ්. තුන්වැන්නා ක්වින්. ඔහුගේ වයස අවුරුදු 9 යි. ශෙරන් පවසන්නේ මේ පුතුන් තිදෙනා හොඳ දරුවන් හැටියට හැදී වැඩෙන බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »