Home / හොලිවුඩ් ගොසිප් / පුංචි බොන්ඩ් ගේ සාදය මාරයි

පුංචි බොන්ඩ් ගේ සාදය මාරයි

2015-06-14 10:32:00       673
feature-top
ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ නළු පරපුරේ තවත් ජනප්‍රිය නළුවකු වන තිමොති ඩැල්ටන්ගේ නිවෙසෙහි තිබූ මහා සාදයකට පොලීසිය පැමිණි බවක් ආරංචි වෙනවා. පොලිස් නිලධාරීන් පැමිණ ඇත්තේ සාදයේ ආරාධිතයන් වශයෙන් නම් නොවෙයි. එහි ඇවිලෙමින් තිබූ කෝලාහලක් සන්සිදුවන්නයි.

තිමොතිගේ හොලිවුඩ් හිල්ස් නිවෙසෙහි මේ සාදය පවත්වා ඇත්තේ ඔහුගේ පුත්‍රයා වන 17 හැවිරිදි සාෂා යි. ඒ මොහොතෙහි තිමොති තම නිවෙසින් බැහැරව සිටි බවයි පැ‍වසෙන්නේ. පියා නැති අතරේ පුතා පැවැත්වූ මේ සාදයේ ඝෝෂාවෙන් පීඩාවට පත්වූ අසල්වැසියන් වහාම පොලීසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් එහි ළඟාවෙද්දී සාදය කෝලාහලයක් බවට පත්වී ගැටිබැට හුවමාරුවකුත් සිදුවී ඇතැයි පැවසෙනවා. මේ ජංජාලය සමනය කරන්නට පොලීසියේ සහායට හෙලිකොප්ටරයකුත් පැමිණි බවයි ආරංචි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »