Home / හොලිවුඩ් ගොසිප් / FHM හි සරාගී කිරුළ මිචෙල් කීගන්ට

FHM හි සරාගී කිරුළ මිචෙල් කීගන්ට

2015-06-11 02:21:00       672
feature-top
ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලොව සරාගීම කාන්තාව සෙවීමේ සමීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට හොලිවුඩයේ ජනප්‍රිය නිළි මිචෙල් කීගන් සමත්ව තිබෙනවා. ඇය මෙලෙස ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙන්නේ 100දෙනෙකු පරාජයට පත්කරමින්වීම ද විශේෂත්වයක්. මෙම සමීක්ෂණයේදි හොලිවුඩයේ සුප්‍රසිද්ධි නිළියන් රැසකගේ නම් ඇතුළත්ව තිබුණත් ඔවුන්ගේ ස්ථානවල යම් පසුබෑමවක් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහි තවත් විශේෂ සිදුවීමක් වන්නේ කිම් කාඩේෂියන්ට ඉතා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීමයි. එමෙන්ම 2014 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනූ ඇමී විලර්ටන්ට මෙවර මෙහි 14 වැනි ස්ථානය හිමිවීමයි.

මේ වන විට වසස අවුරුදු 27 පසුවන මිචෙල් කීගන් රංගනයෙන් දායකත්වය ලබාදෙන 'Ordinary Lies' ටෙලි නාට්‍ය බීබීසී රූපවාහිනි නාලිකාවේ විකාශය වනවා. ඇයට අනුග්‍රහය සපයන්නේ ලොව ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳ නාමයක් වන Lipsy.




More News »