Home / හොලිවුඩ් ගොසිප් / වයස හැ‍ෙට් වීරයා

වයස හැ‍ෙට් වීරයා

2015-06-10 11:45:00       674
feature-top
'කොනැන් ද බාබේරියන්' චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ 1982 දීයි. ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි නළු ආනෝල්ඩ් ශ්වසෙනෙගර්.

ළඟදීම මේ චිත්‍රපටයේ තවත් කොටසක් රූගත කිරීමට සැලසුම් කර තිබෙන බව එම චිත්‍රපටයේ නිෂ්පාදක ක්‍රිස් මෝගන් පසුගියදා ප්‍රකාශ කළා.

මෙහි රඟපෑමට ආනෝල්ඩ් දැනටමත් එකඟත්වය ප්‍රකාශ කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා හෙළි කළා. ආනෝල්ඩ් මේ දිනවල 'ටර්මිනේටර් ජෙනිසිස් ' නම් වූ චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්වී සිටිනවා.

එහි වැඩ කටයුතු නිම වූ සැණින්ම 'කොනැන් ද බාබේරියන්' චිත්‍රපටයේ ඊළඟ කොටසෙහි රඟපෑමට එක්වන බව ආනෝල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අලුත්ම චිත්‍රපටය නම් කර ඇත්තේ 'ද ලෙජන්ඩ් ඔෆ් කොනැන්' යනුවෙන්. දැනට 67 වැනි වියෙහි පසුවන ආනෝල්ඩ් මෙහි ප්‍රධාන චරිතය කදිමට නිරූපණය කරනු ඇතැයි පැවසෙනවා. එදා 'කොනැන් ද බාබේරියන්' චිත්‍රපටයේ ඩොලර් මිලියන 100 ක ආදායමක් උපයා තිබෙනවා. ආනෝල්ඩ් සුපිරි තරුවක් බවට පත්වුණේ එම චිත්‍රපටයෙන්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »