Home / හොලිවුඩ් ගොසිප් / ජැක්සන් දියණියට මුද්දක් කළ හදියක්

ජැක්සන් දියණියට මුද්දක් කළ හදියක්

2015-06-09 09:58:00       673
feature-top
සුපිරි පොප් ගායක, මයිකල් ජැක්සන්ගේ දියණිය, පැරිස් ජැක්සන්. මේ වන විට 17 වැනි වියෙහි පසුවන පැරිස්, ගායිකාවක් වශයෙන් ද ජනප්‍රියයි.

පසුගිය සතියේ පැතිරී ගිය උණුසුම් ආරංචියක් වුණේ මේ යෞවනිය විවාහ ගිවිස ගන්නට සැරසෙන බවයි.

චෙස්ටර් කැස්ටෙලෝ නම් වූ තරුණයකු සමඟ ඇගේ විවාහ ගිවිස ගැනීම සිදුවන බවටයි, ඒ ආරංචිවල තවදුරටත් සඳහන් වුණේ. චෙස්ටර් කැස්ටෙලෝ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.

මේ ගැන අදහස් දැක්වූ මයිකල් ජැක්සන්ගේ පවුලේ උදවියට සම්බන්ධ හිතවතුන් පැවසුවේ, පැරිස් සහ චෙස්ටර් අතර විවාහ ගිවිස ගැනීමක් සිදු නොවන බවයි. තවමත් 17 වැනි වියෙහි පසුවන පැරිස්ට විවාහ වීමට හදිසියක් නොමැති බවත් ඔවුන් පවසනවා.

කෙසේ වෙතත්, තවත් කීප දෙනකු පැවසුවේ චෙස්ටර්, පැරිස් සමඟ ආදරයෙන් පසුවන බවයි. ඔහු මතු දිනයකදී පැරිස්ව විවාහ කර ගනු නිසැක බවත් පැවසුවා.

චෙස්ටර් - පැරිස් විවාහ ගිවිස ගැනීමේ මේ කතාවට මුල් වී ඇත්තේ පැරිස්ගේ අතක පලඳා ඇති මුදුවක්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »