Home / හොලිවුඩ් ගොසිප් / ඊවා මෙන්ඩස් අසරණ දරුවකු වෙනුවෙන්

ඊවා මෙන්ඩස් අසරණ දරුවකු වෙනුවෙන්

2015-06-08 10:35:00       674
feature-top
ඊවා මෙන්ඩස්, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක්. ඇය, පසුගියදාක තම ජංගම දුරකථනයෙන් තමන් විසින්ම ගන්නා ලද ඡායාරූපයක් අන්තර් ජාලයට මුදා හැර තිබුණා.

ඒ මෝස්තර නිරූපිකාවක් හෝ නිළියක හැටියට නොව සමාජ සේවිකාවක හැටියටයි.

ස්නායුවලට සම්බන්ධ පිළිකා රෝගයකින් පීඩා විඳින අහිංසක දරුවකුට ආධාර කරන ලෙස ඉල්ලා සිටින්නට ඇය ඒ ඡායාරූපය පළ කළ තිබුණා.

එහි ඇය පෙනී සිටින්නේ ටී ෂර්ට් එකක් හැඳගෙනයි. එහි මෙවැනි අදහසක් සටහන් වී තිබෙනවා... පුංචි ඇන්ඩෲගේ දෙමවුපියන් පහුගිය කාලය පුරාම ඔහුගේ රෝගය සුව කරන්න අන්තිම සතය දක්වා වියදම් කළා.

දැන් අපි හැමෝගෙම සහාය ඔහුට අවශ්‍යයි. මගේ පින්තූරය ළඟ තියෙන එක්තරා තැනක් ක්ලික් කරලා ඒ ආධාර ඔහුට ලබා දෙන්න පුළුවන්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »