Home / හොලිවුඩ් ගොසිප් / යළි එක්වුණු අපූරු පෙම් යුවළ

යළි එක්වුණු අපූරු පෙම් යුවළ

2015-06-07 03:27:00       673
feature-top
බටහිර පොප් ගීත ලෝකයේ අතිශය ජනප්‍රිය වූ යොවුන් ගායකයා, ජස්ටින් බීබර්ගේ පටලැවිලි රැසක්ම පසුගිය කාලය තුළ අහන්න ලැබුණා. ඒ අතරින් වඩාත්ම මතුවී පෙනුණේ ඔහු සහ ඔහුගේ පෙම්වතිය වූ ජනප්‍රිය යොවුන් ගායිකා සෙලීනා ගෝමස් අතර තිබුණු නොයෙකුත් හැල හැප්පීම්.

මේ දෙදෙනාගේ පෙම් කතාව ගලා ගියේ නොයෙකුත් බාධක මැදින්. එක් වතාවකදී පෙම් බැඳී සිටින ඔවුන් දෙදෙනා, තවත් වතාවකදී වෙන් වුණා. නැවත හමුවුණා.

මේ අයුරින් ගතවූ ඔවුන්ගේ පෙම් ලොව දෙදරා යන්නට ආසන්නයේදී මෑතකදී එය යළි සවිමත් වී තිබෙනවා. ඒ, ආගමික දේවස්ථානයක් අසලදීයි.

එහිදී සෙලීනාව මුණ ගැසීමට අවශ්‍ය පරිසරය සකස් කළේ ජස්ටින් බීබර් බවයි පැවසෙන්නේ. සෙලීනා මේ පිළිබඳව පවසා ඇත්තේ කුමක්දැයි තවම හෙළි වී නැහැ.

මේ දෙන්නා ප්‍රසිද්ධ පල්ලියක් ළඟදී හමුවෙලා කතාබහ කළා. හැබැයි එතනින් පිටවෙලා ගියේ නම් එකට නෙමෙයි. ඒත් හමුවුණ වෙලාවෙදි හරිම සැහැල්ලුවෙන් කතාබහ කළ හැටිනම් දැක්කා. එලෙස කීවේ ජස්ටින් - සෙලීනා හමුව දුටු අයෙක්.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »