Home / හොලිවුඩ් ගොසිප් / බියෝන්සේ සමාජ සේවයේ

බියෝන්සේ සමාජ සේවයේ

2015-06-05 10:15:00       673
feature-top
සුපිරි ගායිකා බියොන්සේ පසුගියදා හයිටි දේශයේ සංචාරය කළා. ඒ, එරට තුළ 2010 වසරේදී සිදුවූ භූමිකම්පාවෙන් පසුව ගතවූ වසර 5 තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ දැක බලාගන්නටයි.

එම භූමිකම්පාවෙන් හයිටි දේශයේ අගනුවරටත් තදාසන්න ප්‍රදේශවලටත් දැඩි අලාභ හානි සිදුවුණා. හයිටි වැසියන් 300,000 කගේ ජීවිත නැතිවුණා.

බියොන්සේ හයිටියෙහි එලෙස සංචාරය කළේ ස්වෙච්ඡා සංවිධානයක නියෝජිතවරියක හැටියටයි. ඇය සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ නිලධාරී වැලරි අමෝස් ද එක්වී සිටියා. මේ සංචාරයේදී බියොන්සේට, එදා සිදුවූ භූමිකම්පාවෙන් විපතට පත්වූ පිරිස් මුණ ගැසීමට අවස්ථාව උදාවුණා.

විසි වතාවක් ග්‍රැමී සම්මානවලින් පුද ලද මේ සුපිරි ගායිකාව හයිටි සංචාරයේදී හැඳ සිටි ටී ෂර්ට් එක මතුපිට ඇය නියෝජනය කරන ස්වෙච්ඡා සංවිධානයේ නිල සලකුණ හොඳින් දක්නට ලැබුණා. ඒ දෙස කාගේත් අවධානය යොමුවූ බවයි පැවසෙන්නේ.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »