Home / හොලිවුඩ් ගොසිප් / රිදවීමේ ප්‍රේමයක්

රිදවීමේ ප්‍රේමයක්

2015-05-27 02:54:00       674
feature-top
යෞවනයේ හදවත් ආකර්ෂණය කරගත් ජනප්‍රිය ගායිකා සෙලිනා ගෝමස් ගේ නැවුම් ප්‍රේමය ගැන උණුසුම් පුවතක් හොලිවුඩ් පුරයෙන් දැනගන්න ලැබුණා. ඇයගේ ආදරය දැන් ලැබෙන්නේ හේස් බන්ගා නම්වූ තරුණයෙකුටලු. ඔහු ගීත ඇල්බම නිෂ්පාදකයෙක් බවයි පැවසෙන්නේ. පසුගියදාක මේ දෙදෙනා තවත් සමීප යහළු යෙහෙළියන් පිරිවරාගෙන මෙක්සිකෝවේ විනෝද සංචාරයක යෙදී සිටියා.

මේ සංචාරයේදී කැමරාවට හසුවූ ඡායාරූප කිහිපයක් අන්තර් ජාලයටත් මුදාහැර තිබුණා. මෙලෙස තම ප්‍රේම කතන්දරයට ප්‍රසිද්ධියක් ලබා දෙන්න සෙලිනා දැඩි උනන්දුවක් දක්වන බවයි කාට කාටත් පෙනෙන්නේ.

මේ ගැන අදහස් දැක්වූ සෙලිනාගේ සමීපතමයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ ඇයට අවශ්‍ය වී ඇත්තේ තමන්ගේ හිටපු පෙම්වතා වූ ජනප්‍රිය යොවුන් ගායක ජස්ටින් බීබර්ට රිදවීමට බවයි.

මේ වන විට ජස්ටින් බීබර් වෙනත් පෙම්දමක පැටලිලා. ඔහුගේ පෙම්වතිය මෝස්තර නිරූපිකාවක වූ කෙන්ඩල් ජෙනර්

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »