Home / හොලිවුඩ් ගොසිප් / දාහතක් ගියත් නොවෙනස්

දාහතක් ගියත් නොවෙනස්

2015-05-25 10:35:00       672
feature-top
හොලිවුඩ්පුරයේ විවාහ ජීවිතවලින් වැඩිපුරම අහන්නට ලැබෙන්නේ සතුටුදායක ආරංචි නොවෙයි. විවාහ වී කෙටි කලකින් දික්කසාදවීම්, නැවත අලුත් විවාහ ජීවිත ඇරැඹීම් වැනි අවුල්වලින් පිරුණු කතන්දර තමයි අපට කියවන්නට ලැබෙන්නේ.

ඒත්, ඊට හාත්පසින්ම වෙනස් වූ සාර්ථක විවාහ ජීවිත ගත කරන අයත් හොලිවුඩ් සිනමාවේ සිටිනවා. ඒ අතළොස්ස අතරින් මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින්නේ විලියම් එච්. මැසේ සහ ෆෙලිසිටි කෙන්ඩල් හෆ්මාන් යුවළයි. මේ දෙදෙනා හොලිවුඩ් ලොව ජනප්‍රිය නළු නිළි යුවළක්. ෆෙලිසිටි කෙන්ඩල් හෆ්මාන් මේ දිනවල ශ්‍රී ලාංකික සිනමා රසික පිරිස ද මුණ ගැසෙනවා.

ඒ, දැන් තිරගත වන බිග් ගේම් චිත්‍රපටයෙන්. මේ වන විට 52 වැනි වියෙහි පසුවන ඇය, විලියම් එච්. මැසේ සමඟ යුග දිවි ගමන් ඇරඹුවේ 1997 දී. ඒ අනුව දැන් ඔවුන් දෙදෙනාගේ යුග දිවියට වසර 17 ක් සපිරෙනවා. දරුවන් දෙදෙනකුගේ මවුපියන් වීමේ වාසනාව හිමිකර ගත් විලියම් සහ ෆෙලිසිටි යුවළ හොලිවුඩ් මාධ්‍යවේදීන් හඳුන්වන්නේ සාර්ථක ජීවිතයක් ගතකරන යුවළ හැටියටයි.

ඇමෙරිකාවේ මෑතකදී විකාශය වූ ජනප්‍රිය සාකච්ඡාමය වැඩ සටහනකට එක්වූ ෆෙලිසිටි කියා සිටියේ තමන් සහ විලියම්ගේ යුගදිවිය සාර්ථක වීමට යම් යම් විශේෂ සිදුවීම් ද ඉවහල් වූ බවයි. එවැනි එක් සිදුවීමක් ඇය මෙලෙස සඳහන් කළා... සමහර වෙලාවට මගේ සැමියා මගේ කාර් එකේ යතුර එයාගෙ පර්ස් එකේ දාගෙන එයාගෙ කාර් එකේ යනවා. ළමයි දෙන්නව ඉස්කෝලෙට ඇරලවන්න කාර් එකට ගොඩවුණාමයි මම ඒක දැනගන්නේ. ඔය වගේ හිනා යන වැඩ නිසා අපි දෙන්නගෙ විවාහ ජීවිතය සාර්ථක වුණා ය කියලයි මම හිතන්නෙ.

ෆෙලිසිටිගේ නම කීප වතාවක්ම ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානවලට ද නිර්දේශ වී තිබුණා. එක් වතාවක් ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමි වුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »