Home / හොලිවුඩ් ගොසිප් / එන අවුරුද්දේ ඉඳලා ලෝක රූ රැජින බිකිණි අඳින්නේ නැහැලු

එන අවුරුද්දේ ඉඳලා ලෝක රූ රැජින බිකිණි අඳින්නේ නැහැලු

2015-05-20 11:42:00       672
feature-top
වසර 63 ක් තිස්සේ ලෝක රූ රැජින තරඟාවලියේ බොහෝ දෙනාගේ අවධානය යොමු වු අංගයක්ව තිබුණු බිකිනි තරඟ වටය ලබන වසරේ සිට නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනනවා.

පසුගියදා දකුණු අප්‍රිකාවේ සුරූපිනියට ජය ලබාදෙමින් ලෝක රූ රැජින තරඟය සාර්ථකව අවසන් උනා.

ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ලෝක රූ රැජින තරඟයේ සභාපතිනිය ප්‍රකාශ කරේ මෙම තරඟ වටයෙන් කාන්තාවන් වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොවන නිසා ඉදිරි වසරේ සිට මෙම වටය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඇය වැඩිදුරත් සඳහන් කර ඇත්තේ එම තරඟ වටයේදී අපි කිසිම විටක කෙනෙකුගේ නිතඹ හෝ පිටුපස පෙදෙස තව කෙනෙකුට වඩා අඟල් කීපයක් වැඩි දැයි බැලීමක් සිදු කරන්නේ නෑ. අපි එතැනදී බලන්නෙ ඇගේ කථිකත්වය පමණයි.

මෙම තරඟ වටය 1951 දී අරඹනු ලැබුවේ ලෝක රූ රැජින තරඟය ඇරඹු වත්මන් සභාපතිනියගේ සැමියා විසිනුයි.


කාලයක පටන් බිකිනි තරඟ වටය රූපවාහිනී හෝ වෙනත් ආකාරයකට විකාශය කිරීම සිදු කරන්නේ නැහැ.

එසේම ලෝක රූ රැජින සංවිධායක කමිටුවේ සභාපතිනියගේ අදහස වන්නේ අනිකුත් රූප රාජිනී තරඟවලත් ඉදිරියේදී කාන්තාවකගේ ශරීරයට වඩා බුද්ධි මට්ටම හා පෞරුෂත්වයට වැඩි ඉඩ කඩක් දෙනු ඇති බවයි.

බොහෝ වෙලාවට ආසියානු රටවල් ආශ්‍රිතව බිකිනියකින් සැරසී සිටීම යනු කාන්තාවකට කිසිසේත් නොගැලපෙන නොහොබිනා ක්‍රියාවක් ලෙස සැළකෙනවා.

අපේ රටවල බොහෝ කාන්තාවන් මෙවැනි තරඟ සඳහා ඉදිරිපත් නොවීමටද මෙම බිකිනියකින් සැරසී සිටින තරඟ වටය හේතු වී යයි මතයක් පවතිනවා.

එසේම රූප රාජිනී තරඟවලදී බිකිනි වටය අවසන් කිරීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ කාන්තාවකගේ ලිංගික ආකර්ෂණයට වඩා සුන්දරත්වය, බුද්ධි මට්ටම, පෞරුෂත්වයට අවධානය යොමු විය යුතු වීමයි.

More News »