Home / හොලිවුඩ් ගොසිප් / මව, පුතු කාලෙකින් හමුවී...

මව, පුතු කාලෙකින් හමුවී...

2015-05-19 03:32:00       672
feature-top
ලොව පුරා විසිරී සිටින බාල, තරුණ, මහලු කොයි කා අතරත් අදටත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි හෝම් අලෝන්'. මේ චිත්‍රපටය කොටස් දෙකකින් යුතුව ‍තිරගත වුණා.

මුල්ම කොටස තිරගත වුණේ 1990 නොවැම්බර් 16 දා. ඒ අනුව 2015 නොවැම්බර් 16 දාට හෝම් අලෝන් තිරගත වී වසර 25 ක් සම්පූර්ණ වෙනවා.

හෝම් අලෝන් චිත්‍රපටයේ රිදී ජුබිලිය සමරන්නට කටයුතු සූදානම් වන මේ කාලයේ දී අපූරු දෙයකුත් සිද්ධ වුණා.

මෑතකදී ලන්ඩන් නුවර පැවැත්වුණු එක්තරා චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹන්න ප්‍රවීණ නිළියක වන 61 වියැති කැතරින් ඔහාරා තම සැමියාත් සමඟ පැමිණ සිටියා. මේ චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්න පැමිණ සිටි එදා හෝම් අලෝන් හි රඟපෑ මැකියුලේ කුල්කින්.

මඳ වේලාවක් ගත වෙද්දී කැතරින් එහි සිටිනු දුටුව මැකියුලේ, මමී... මමී යැයි හඬ නඟමින් ඇය වෙත දිව ආවා. ඇය ද මැකියුලේ සමීපයට පැමිණියේ බේබී... යැයි කියමින්. දෙදෙනා වැලඳ ගත්තේ සතුටු කඳුළු වගුරමින්.

කැතරින්, මැකියුලේගේ මව ද? නැහැ. එදා හෝම් අලෝන් හි ඔහුගේ මව ලෙස රඟපෑවේ කැතරින්. මේ දෙදෙනා මුණ ගැසී ඇත්තේ වසර ගණනකට පසුවයි. කැතරින් කීවේ තමන්ට මැකියුලේ ගැන දැන ගන්න ලැබුණත් හමුවුණේ කාලයකට පසුව බවයි. මේ දුර්ලභ හමුවීම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකරන්න කැතරින්ගේ සැමියා අමතක කළේ නැහැ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »