Home / හොලිවුඩ් ගොසිප් /  දඬුවම: සමාජ සේවය

 දඬුවම: සමාජ සේවය

2015-05-19 03:31:00       675
feature-top
ලින්ඩ්සේ ලෝහන් ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙද්දී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වනු ඇති බවට ආරංචියක් පසුගිය සතියේ පැතිරී ගියා.

මේ ජනප්‍රිය නිළිය එලෙස අත්අඩංගුවට ගැනීමට යන්නේ ඇය විසින් අධිකරණයට දෙන ලද පොරොන්දුවක් ඉටු නොකිරීම නිසාලු. විසිඅට වියැති ලින්ඩ්සේ, මෑතකදී අපරීක්ෂාකාරීව රිය පැදවීමේ වරදකට හසුවී උසාවියට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඇයට නියම වුණේ පැය 125 ක් සමාජ සේවා කටයුතුවල යෙදී සිටිය යුතු බවයි.

මැයි 28 දා වන විට එම පැය ගණන නිම කළ යුතු බවටයි ඇයට නියෝග ලැබී තිබුණේ. එහෙත් ඇය මෙතෙක් සිදු කර ඇත්තේ පැය 20 කටත් අඩු කාලයක සමාජ සේවා කටයුතු පමණයි.

කෙසේ වෙතත් ඇයට උසාවියෙන් තවත් අවස්ථාවක් ලබා දී තිබෙනවා. පසුගිය දා නැවතත් උසාවියට ඉදිරිපත් කළ ලින්ඩ්සේට ලොස් ඇන්ජලිස් අධිකරණයේ විනිශ්චයකාර මාක් යං ප්‍රකාශ කළේ, මැයි 28 වැනි දින වන විට මෙම සමාජ සේවා කටයුතුවල යෙදී නියමිත පැය ගණන සම්පූර්ණ නොකළහොත් දඬුවම් විඳීමට සිදුවන බවයි.

වසර 1 1/2 ක සිර දඬුවමක් තමයි, ඇයට ලැබෙන්නේ. මෙයින් ගැලවීමට නම් මේ සුපිරි නිළියට කලින් සැලසුම් කර තිබූ පැය ගණනට වැඩි පැය ගණනක් බැගින් දිනකට සමාජ සේවා කටයුතුවල නියැළීමට සිදු වෙනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »