Home / හොලිවුඩ් ගොසිප් / අගුලට හොරෙන් හොරු ඇවිත්

අගුලට හොරෙන් හොරු ඇවිත්

2015-05-19 03:30:00       675
feature-top
ප්‍රවීණ නිළි ඩෙමී මුවර්ට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි ආරංචි. ඇයගේ ඇඳුම් පැලඳුම් රැසක්ම තැන්පත් කර තිබූ ගබඩා කාමරයට සොරකුගේ බැල්ම යොමුවෙලා.

මේ හේතුවෙන් ඇය සතුව තිබූ ඩොලර් ලක්ෂ 2 ක් පමණ වටිනා ඇඳුම් පැලඳුම් අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ.

ඩෙමීගේ ඇඳුම් පැලඳුම් මෙතරම් ප්‍රමාණයක් නැතිවී ඇති බව මුලින්ම දැක ඇත්තේ ඇගේ සහායිකාවක්. ඇය ගබඩා කාමරය විවෘත කර බලද්දී මෙය දුටු බවයි. පොලීසියට ප්‍රකාශ කර තිබෙන්නේ.

ගබඩා කාමරය පිරික්සා බැලූ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ සොරුන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ඩෙමීගේ ඉතා වටිනා ඇඳුම් වෙත බවයි. වෙනත් වටිනා භාණ්ඩ තිබුණ ද, ඒ කිසිවක් වෙත සොරුන්ගේ නෙත් යොමු වී නැහැ.

මෙහිදී පුදුමයට හේතු වන කරුණකුත් තිබෙන බවයි, පොලිස් නිලධාරීන් පැවසුවේ. ගබඩා කාමරයට දමා තිබූ අගුලට කිසිඳු හානියක් සිදුවී නැහැ. එම නිසා මේ සොරකම පසුගිය වසරේදී සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ ගබඩාව විවෘත කර ඇත්තේ මාස ගණනකට පසුවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »