Home / හොලිවුඩ් ගොසිප් / නයිට් රයිඩර් ගේ අලුත්ම ප්‍රේමය

නයිට් රයිඩර් ගේ අලුත්ම ප්‍රේමය

2015-05-19 03:04:00       676
feature-top
ජනප්‍රිය සුපිරි තරුවකගේ පෙම් කතන්දරයක් පසුගියදා හෙළිදරව් වුණා. ඒ, ඩේවිඩ් හෙසල්හොෆ් නම්වූ අතිශය ජනප්‍රිය නළුවාගේ. ඔහු කවුරුත් හඳුනන්නේ වෙනත් නමකින්.

නයිට් රයිඩර් යනුවෙන් හැඳින්වූවොත් මේ සුපිරි තරුව කාටත් හඳුනාගන්න පුළුවන්. සුප්‍රකට නයිට් රයිඩර් ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ ඩේවිඩ් හෙසල්හොෆ්ගේ වයස මේ වන විට අවුරුදු 62 ක්.

පසුගියදා හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ නයිට් රයිඩර්'ට අලුත් පෙම්වතියක් මුණ ගැසී ඇති බවයි. ඇය හේලී රොබට්ස්. අලෙවි සහායිකාවක ලෙස කටයුතු කරන 33 වියැති ඇයට ඩේවිඩ්ව මුණගැසී ඇත්තේ 2011 දී.

තමන්ගේ වෘත්තියෙහි යෙදී සිටිද්දී ඇය කිහිප වතාවක්ම ඩේවිඩ්ගේ ඡායාරූප තම කැමරාවට හසුකරගෙන තිබෙනවා.

මෙයින් පසුව තමයි දෙදෙනා පෙම්වතුන් බවට පත්ව ඇත්තේ. මෑතකදී ඩේවිඩ් සහ හේලී, කැලිෆෝනියාවේ එක්තරා උද්‍යානයක් අසල සිසිල් බීම පානය කරමින් කතාබහක යෙදී සිටින අයුරු කාට කාටත් දැකගත හැකිවුණා.

මේ දෙදෙනාගේ ආදර කතාව බී. බී. සී. රූපවාහිනී චැනලයටත් වැදගත් කාරණාවක් වෙලා. ඒ නිසා ඔවුන් ‍ඩේවිඩ් සහ හේලීගේ පෙම් සබඳකම ගැන කෙටි වාර්තා වැඩ සටහනක් පසුගියදා විකාශය කළා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »