හොලිවුඩ් ගොසිප්

MISSION IMPOSIBLE ආදායම් වාර්තා අතර පෙරමුණේ

Mission : Impossible - Rogue Nation මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වී ඇති අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ චිත්‍රපටයකි.

'ද ගෝඩ් ෆාදර්' චරිතයක් සමුගනී

'ද ගෝඩ් ෆාදර්' චිත්‍රපටය මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ද ආගන්තුක සිනමා නිර්මාණයක් නොවෙයි. ලාස් වේගාස් නුවර, අහංකාර කැසිනෝ ව්‍යාපාරිකයකු ලෙස එහි රඟපෑ ඇලෙක්ස් රොකෝ පසුගියදා මෙලොවින් සදහටම සමුගත්තා.

තිළිණේ ලෙසින් වෙබ් මල් මිටක්

සෙලීනා ගෝමස්, පොප් ගී ලොවට පායා ආ දිදුලන තරුවක්. ඇගේ 23 වැනි උපන් දිනය පසුගිය 22 දා යෙදී තිබුණා. මේ වෙනුවෙන් ඇගේ මිතුරු මිතුරියන් සහ රසික රසිකාවියන් රැසක්ම ඇයට සුබ පැතුවා.

රැඟුම්, වැයුම් අතරට ගොල්ෆ්

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් නම් වූ මේ යොවුන් රූබර නිළියගේ වතගොත බොහෝ දෙනකු දන්නවා. ඒ අය ඇයව හඳුනන්නෙ දක්ෂ නිළියක හැටියටයි. හැබැයි ක්‍රිස්ටීන් හපන්කම් පෙන්වන්නෙ සිනමා රංගනයේදී විතරක් නොවෙයි.

ඩෙමීගේ නාන තටාකයේ මළ සිරුරක්

ඩෙමී මුවර් හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ නිළියක්. ඇයට පසුගිය දවසක කිසිසේත් නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඇගේ න‍ිවෙසට යාව තිබෙන නාන තටාකයේ ගිලී මිය ගිය තරුණයකුගේ මළ සිරුරක් දක්නට ලැබුණා.

සෙරීනා විලියම්ස් නොවැක් යොකැවික් සමග නටපු නැටුම් (VIDEO)

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක යුවළකගේ අපූරු නර්තනයක් මේ වන විට YouTube වෙත නිකුත් කර තිබේ.
ඒ, සුපිරි ටෙනිස් ක්‍රීඩකයින් වන නොවැක් යොකැවික් හා සෙරීනා විලියම්ස්ගේ නර්තනයකි.

 සුනඛයන් නිසා ජංජාලයක්

ජනප්‍රිය නිළි ඇම්බර් හියර්ඩ් ඔස්ට්‍රේලියාවේදී නීතිමය ප්‍රශ්නයකට මැදිවී සිටිනවා. ඒ, ඇය එරටට නීති විරෝධීව ටෙරයර් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකු ද රැගෙන පැමිණීමයි.

අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් ඇයගේ දියණිය ත් ජීවිතයෙන් සමු ගනී

අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් ඇයගේ දියණිය ත් ජීවිතයෙන් සමු ගනී
හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන් සහ ගායක බොබී බ්‍රවුන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

"ඈන්ට් මෑන්" නිළිය රුවන්ඩාවේ

දැන් තිරගත වන ඇන්ට් මෑන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන ඉවැන්ජලින් ලිලී තම දෙවැනි දරුවා ලැබීමට ලක ලැහැස්ති වෙමින් සිටිනවා. මේ බව ඇය ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ පසුගියදා හොලිවුඩ් හි ඩොල්බි සිනමා ශාලාවක පැවති ඇන්ට් මෑන් චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි අවස්ථාවේදියි.

ABCD... ඊළඟට EFGH...?

බොලිවුඩයේ නවතම සංගිතමය චිත්‍රපටය ABCD 2 මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත කෙරෙනවා. වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර්, ප්‍රභූ දේවා රංගනයෙන් දායකවන වන ABCD 2 ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්ම වූ දෙවැනි චිත්‍රපටය බවට පත් වුණා.

ඕමාර් ශෙරිෆ් සමුගනී

ප්‍රවීණ නළු ඕමාර් ශෙරිෆ් පසුගිය දා මෙලොවින් සදහටම සමුගත්තා. 1932 අප්‍රේල් 10 දා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර දී උපන් ඔහුගේ මුල්ම රංගනය ඇතුළත් වුණේ ෂයිටාන් අල් සහරා නම්වූ චිත්‍රපටයේයි.

 ඇය ගිය මඟ දුවට එපාලු

මෝස්තර නිරූපණ ලෝකයේ කැපී පෙනෙන සුරූපිනියක් තමයි, කේට් මොස්. මෑතකදී ඇය තම කේශ කලාපය වර්ණවත් කර ගත්තා. ස්වභාවයෙන්ම තඹ පැහැති කොණ්ඩයක් හිමි 41 වියැති කේට්, මේ අයුරින් ස්වරූපය වෙනස් කර ගැනීම ඇගේ සැමියා ජැමි හින්ස්ට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.

පැකර් ගේ අලුත්ම පෙම්වතිය කැරේ

ලෝක ප්‍රකට කෝටිපතියකු වන කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ගේ අලුත්ම පෙම්වතිය වී සිටින්නේ සුපිරි ගායිකා මාරියා කැරේ යි. පැකර්ට කැරේව හමුවී ඇත්තේ මීට සති කිහිපයකට කලින්. දෙදෙනා විවාහ වීමට යන බවයි ආරංචි. පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර පැවැති එරට නිදහස් දින උලෙළට ද එක්වූ පැකර් - කැරේ යුවළ ඉන් පසුව මධ්‍යධරණී මුහුදේ සංචාරය කළා.

ඇටකටු බිඳගත් නැටුමක්

එමිලියා ක්ලාක්, 28 වැනි වියෙහි පසුවන ජනප්‍රිය යොවුන් නිළියක්. ඇය 'ටර්මිනේටර්' චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය වන 'ටර්මිනේටර් ජෙනයිසිස්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මේ දිනවල ලොව පුරා තිරගත කෙරෙන 'ටර්මිනේටර් ජෙනයිසිස්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට ද ඇය එක්වී සිටින්නේ එහි ප්‍රධාන චරිතය රඟපෑ සුපිරි නළු ආනෝල්ඩ් ශ්වසෙනෙගර් එක්කයි.

ලේඩි ගාගාගේ පාවහන් උණ (Photos)

ලේඩි ගාගා අලුත් අලුත් පාවහන් විලාසිතා වලට දක්වන්නේ පුදුම කැමැත්තක්. ඒ නිසාම ගාගා ගේ පාවහන් නිර්මාණ කරුවන් නිතර නිතර අලුත්ම නිර්මානාත්මක පාවහන් විලාසිතා ලෝකයට ඉදිරිපත් කරනවා.

ජෙනට් ජැක්සන් ගෙන් අලුත් ගීතයක්

වසර 7 ක නිහැඬියාවකින් පසුව ජනප්‍රිය ගායිකා ජෙනට් ජැක්සන් නැවතත් ගීත ලෝකයට එක්වී සිටිනවා. අලුත්ම ගීතයක් නිර්මාණය කරමින් තමයි ඇය රසික පිරිස අතරට පැමිණ සිටින්නේ. මේ ගීතය ‍නම් කර ඇත්තේ නෝ ස්ලීප් යනුවෙන්.

නගූ නගූ ගීතයෙන් ලාංකිකයන්ට සමීප වූ Nozia Karomatullah

පසුගිය කාලයේ මෙරට තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත් NaguNagu ගීතයත් සමගින් එම තාලයට අයත් සිංහල ගීත කිහිපයක්ද බිහිවිය. NaguNagu ගීතයේ ගායිකාව වන Nozia Karomatullah ටජිකිස්තානු ජාතික තරුණියකි. ටජික් භාෂාවෙන් NaguNagu යනුවෙන් හැඳින්වෙන්නේ කැමතියි කැමතියි යන්නයි.

එකතු වු‍ණත් ෆයිට් එක නන්ස්ටොප්

ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරොක්ස් යුවළ විවාහ ගිවිසගෙන වසර 3 ක් ගත වෙලා. අද හෙට හෝ අනිද්දා දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කෙරෙන බව ප්‍රකාශ වුණත් එය දැන් නොකෙරෙන දීගයක් බවට පත්වී හමාරයි.

සජීවකරණ ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපටය Inside Out

මිනිසා සත්ත්ව ලෝකයේ සිටිනා බුද්ධිමත්ම ජීවියා ලෙසින් නම් දරා සිටියි. මිනිසාට අනෙකුත් සතුන් අතරේ ඉදිරියෙන් සිටීමට විශේෂත්වයක් ලබන්නට හේතුවූයේ ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය යි. වර්තමානය වන විට මිනිසා සිටින තැන දෙස බැලුවහොත් ඒ සියල්ල සිදු වී ඇත්තේද මනසේ අපූරු මෙහෙයවීම් ක්‍රියාවලිය අනුව බව පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය නොවේ. මනස යනු අපූරු නිර්මාණයකි.

ඇට්ලැන්ටිස්හි කුමාරිකාව වූ Aiysha Hart

මේ දිනවල BBC One මාධ්‍ය ජාලයේ සහ අප රටේද සමගාමීව විකාශය වන රූපවාහිනී කතා මාලාවක් වූ ඇට්ලැන්ටිස් රූපවාහිනී කතා මාලාවේ කුමරිය නොහොත් අරියාන්ඩි ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබේ.

හුදෙකලා දැරියකගේ ශෝකය

මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා සඳහා හොලිවුඩ් චිත්‍රපට දෙකක් කරට කර තරග වදිමින් සිටියි. ඒ ඩිස්නි නිෂ්පාදනයක් වූ ඉන්සයිඩ් අවුට් හා යුනිවර්සල් ස්ටුඩියෝස් නිෂ්පාදනයක් වූ ජුරාසික් වර්ල්ඩ් යන චිත්‍රපට දෙකයි. පසුගිය ජුනි 26 සිකුරාදා පමණක් ලොව පුරා දර්ශනය වෙමින් ඉන්සයිඩ් අවුට් ඩොලර් ලක්ෂ 146.5 ක්ද ජුරාසික් වර්ල්ඩ් ඩොලර් ලක්ෂ 149.8 ක්ද උපයාගෙන තිබිණි.

යූ - ටියුබ් ගායිකාව ඉදිරියට ම

ටිෆනි අල්වෝඩ් යූ - ටියුබ් ගායිකාවක් හැටියට හැඳින්වීමේ වරදක් නැහැ. ඇය රසිකයන් අතරට පැමිණ සිටින්නේ අන්තර් ජාලයේ යූ - ටියුබ් අඩවියට මියුරු ගීත ඇතුළත් වීඩියෝ එකතැන් එක් කරමින්.

ලොව පළමු ළමා තානාපතිනිය වූ ළමා ගායිකා Kaitlyn Maher

විවිධ අංශවලින් ලෝකය තුළ දස්කම් විදහා දක්වන දරුවන් අතරේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා කුඩා දරුවෙකු ලෙස Kaitlyn Maher හැඳින්විය හැක. ඇයගේ දක්ෂතාව හේතුවෙන් ගායන ලෝකයේ තරුවක් බවට පත්ව ඇත.

හිටපු තැනට යන්නේ නැහැ

'වන් ඩිරෙක්ෂන්' ගායක කණ්ඩායමේ තරුවක් වූ සෙයින් මලික් එම කණ්ඩායමෙන් ඉවත් වීම බටහිර ගී ලොව කම්පනයට පත් කළ සිදුවීමක් බවට පත්වුණා. ඔහුගේ ඉවත්වීමෙන්. වන් ඩිරෙක්ෂන් කණ්ඩායමට අත්වුණේ දැඩි පසුබෑමක්.

දෙවසරක ප්‍රේමය නිමවෙයි

චාලීස් තෙරන් සහ සීන් පෙන් පසුගිය කාලය තුළ එකිනෙකාට බෙහෙවින් සමීපව සිටියා. ඔවුන් දෙදෙනා පෙම්වතුන් යුවළක් හැටියට ලොව හමුවේ පෙනී සිටි අයුරු කිසිවෙකුටවත් රහසක් වුණේ නැහැ. සුපිරි හොලිවුඩ් නිළි චාලීස් තෙරන් මේ වන විට 39 වැනි වියෙහි පසුවෙනවා.

More News »

add_one